Saturday, August 29, 2009

වැඩ ඇරී වැඩට යන කාන්තා පරපුර උදෙසාමය

අදටත් අප රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන අංශ වන්නේ, තේ හා ඇගලුම් කර්මාන්තය වගේම අවාසනාවන්ත ලෙස විදේශ රැකියා. විශේෂයෙන්ම විදේශ ගහ සේවයයි.

බොහෝ දෙනෙක් දන්නවා වුනත් බොහෝ දෙනෙකුට පහසුවෙන්ම අමතක වන දේ තමා මේ හැම කර්මාන්තයක් වෙනුවෙන්ම දහඩිය කදුලු හෙලන්නේ අපේ රටේ අපේම අම්මලා නැන්දලා වගේම ‍අපේම අක්කලා නංගිලා කියන එක. ඒ මොන වැඩේ එක්ක ඔට්ටු වුනත් ගෙදර ආපු ගමන් ගෙදර හැමෝගෙම ඕනෙ එපාකම් ගැන හොයල බලලා රසට කෑමක් හදල දෙන්නත් ඒ අය අමතක කරන්නෙ නෑ. එහෙම තම්බලා දෙන බත් මුට්ටියේ හයිය හත්තියෙන් ඒ අයට පොඩි හෝ විවේකයක් දෙන්න කාලය ඇවිල්ලා කියලයි මට නම් හි‍තෙන්නේ.

මා මෙහි මාතෘකාව යොදා ගත්තේ ගැහැණුන් වැඩ ඇරී වැඩට යති යන කවි පදයෙනි.අවාසනාවකට නිර්මාණකරුගේ නම නම් මම නොදනිමි

Tuesday, August 25, 2009

Barn Buddy ගහන ගමන් මේ ගැනත් හිතමු ටිකක්.

               කාලෙන් කාලෙට අපේ සමාජයේ විවිධ රැලි මතු වන විත්තිය කවුරුත් දන්න දෙයක්. මේ කතා කරන්නෙත් මුලු ලෝකයටම අදාළ වන තාක්ෂණික රැල්ලක් ගැනයි. මම මේ ගැන මගේ පළවෙනි සටහනේ ලිව්වත් මට හතුනා මේ ගැන තව ටිකක් කතා කරන්න.

              තාක්ෂණික දියුණුවත් සමඟ අපේ උගත් බුද්ධිමත් බොහෝ දෙනෙක් අත්තෙන් අත්තට පනින කුරුල්ලෝ වගේ එක එක ක්ෂේත්රග වලට පනිනවා. වෙන විදිහකට කියනවා නම් අභ්යවකාශ විද්යාකවෙන් පරිගණක විද්යාවට , ඒකෙන් නැනෝ තාක්ෂණයට යන ආදි ලෙස පනිනවා. නමුත් ඒකෙ වැරැද්දක් නෑ. එහෙම පනින්නෙ නැත්නම් විද්යාව දියුණු වන්නෙත් නෑ. එහෙනම් වරද කුමක්ද ?

              වරද තමයි අතීතය අමතක කිරීම. විද්යාවේ මුලික පියවරක් වන කෘෂිකර්මාන්තයේ දියුණුව ගැන අද අපේ ‍අවධානයට යොමු වන්නේ නැති කරම්. අපි ඒක ගොවියාටත් ආණ්ඩුවටත් බාර දී ඉතා වේගයෙන් දියුණු වන ලෝකය කරා දිව යන්නේ ඒ ගමනේ පදනම ඇත්තේ කෘෂිකර්මාන්තය මත බව අමතක කරමින් නොවේද ? අප දන්නේ ආහාර මිල වැඩි වූ විට ආණ්ඩුවට දෙහි කැපීමට පමණී. නමුත් එසේ වන්නේ ඇයි දැයි කවුරුත් සිතන්නේ නෑ. මේක අපේ රටට විතරක් නෙමෙයි මුලු ලෝකයටම පොදු තත්වයක්.
             
               මේ ගැන අපේ රටෙන් උදාහරණයක් ගමු. කවුරුත් දන්නවා ආණ්ඩුව ඉතා විශාල මුදලක් වැය කරල සහන මිලට ‍යූරියා පොහොර ගොවියන්ට දෙන බව. ඉතින් අපි දන්න විදිහට නම් ගොවියා හොදට පෝර දාන කොට වගාව සරුසාර වෙලා ඉහළ අස්වැන්නක් ලැබිල ඊට පස්සේ ආහාර මිල අඩු වෙන්නත් ඕනෙ නෙ. ඒ වුනාට හිතල බැලුවාම ඇත්තටම එහෙම වෙන්නෙ නෑනෙ. ආණ්ඩුවේ මහන්සියේ තරමට අපිට ප්ර යෝජනයක් නෑ. ඇතත්ටම ඒ ඇයි? 

           යූරියා හොදට ජලයේ දියවන සංයෝගයක්. ඉතින් වගාවට වැස්සාම මේ පෝර වලින් 70% විතර හේදිලා යනවා. ඒවා වැව් වලට ඇළ වලට එකතු වෙලා මිනිස්සුන්ට වතුගඩු රෝගත් හැදෙනවා. මෙහෙම වෙන්නෙ අපි විද්යාසත්මකව වගා නොකරන නිසයි. ඒකට ඉතින් ආණ්ඩුවට බැනල වැඩක් නෑ මොකද කියනවා නම් වරද අපි හැමෝගෙමයි.

Barn Buddy ගහන ගමන් මේ ගැනත් හිතමු ටිකක්.


Wednesday, August 19, 2009

හෑල්ලුව

          දවසක් රෑ නිදි කිර කිර ඉන්න කොට ගෙදර කට්ටිය දොරමඩලාව බලන්න පටන් ගත්තා. ඒකෙ හිටිය දීපාල් සූරියආරච්චි මහත්තයා කියපු කතාවක් ඇත්ත කියල මටත් හිතුනා.

          එතුමා කථා කලේ අළුත් තාක්ෂණයට සිංහල නම් දැමීම ගැනයි. වෙන විදිහකට කියනවා නම් mouse එකට මූසිකය වගේ නම් දාන එක ගැනයි.

          එතනදී එතුමා මෙහෙම කතාවක් කිව්වා. බටහිරින් අපේ ජන සමාජයට මුලින්ම ආපු තාක්ෂණයක් තමයි බයිසිකලය. ඒක ‍අපේ මිනිස්සු ඉතා තදින් වැළඳගත්තා. ඒක අපේ දෙයක් බවට පත් කර ගත්තා. අද බයිසිකල් රේස් කියන්නේ අපේ අවුරුදු උත්සව වලට නැතුවම බැරි අංගයක්. ලාංකීය ගැමියා කෙතරම් බයිසිකලයට ලං වූවාද ඉන් කෙතරම් වැඩ ගත්තාද යන්න ගුනදාස අමරසේකර ශූරීනිගේ බයිසිකලය කෙටි කතාවෙන් පැහැදිළි වනවා.

          ඒ මොනවා වුනත් අපේ මිනිස්සු බයිසිකලයට හෝ ඊට සම්බන්ධ අනෙකුත් දේවල් වලට සිංහල නම් දෙන්න ගියේ නෑ. නම් දුන්නත් ඒවා සමාජය සමඟ බද්ධ වූයේ නෑ. ඇත්ත වශයෙන්ම අපිත් කල යුත්තේ නව තාක්ෂණයට බලහත්කාරයෙන් අපේ නම් පටවා ඒවා අපේ කර ගන්න අසාර්ථක උත්සාහයක යෙදීම නොව, නව තාක්ෂණය සමඟ වැඩ කර ඉන් අපට ගැලපෙන පරිදි උපරිම ප්රයෝජනයක් ගෙන එය අපේ කර ගැනීමයි.

          අවශ්යය නම් සමාජය තුළින්ම නිරායාසයෙන් ඒවාට ගැළපෙන අපේ නම් පහළ වේවි. එසේ නැතුව බලහත්කාරයෙන් අපේ නම් පැටවීමෙන් සිදු වන්නේ ඒවා අපෙන් ඈත් වීම හා අපේ බස අප සමාජය තුළම හෑල්ලු වීමකි.


‍කාලෝ අයංතේ

           ඇත්තටම මට මේ අදහස පහළ වුනේ විශ්ව විද්යා්ලයේදී මම සම්බන්ධ වුන අළුත් වැඩක් සමඟයි. ඒ කාබනික පොහොර සම්බන්ධ වැඩක්. ඒ ගැන වැඩි විස්තර පසුවට තබා මම මගේ කථාවට එන්නම්.

          අද තාක්ෂණය සෑහෙන්න දියුණු වෙලා. මම ඒ ගැන වැඩි විස්තර මෙහි සඳහන් කිරීම අවශ්ය නැහැ කියලයි මට නම් හිතෙන්නේ. ඒ මොනව වුනත්, කෙතරම් දියුණු වුවත්, ආපසු හැරී බැලීමේදී අපි තවමත් අපේ කෑම, බීම, බෙහෙත් වගේ මූලික අවශ්යුතා සපුරා ගන්න සමත් වී නෑ.

         මෙය අපගේ නොහැකියාව නොව උවමනාව නැතිකමයි. මූලික අවශ්යවතා ඉතාමත් සරල බැවින් ඒවායේ දියූණුවට තාක්ෂණය යෙදවීම සිදු නොවන බවයි පෙනෙන්නට තියෙන්නෙ. Nanotechnology වැනි තවමත් ප්රායෝගික ලෙස ප්රතිපල ලබා ගැනීමට අපහසු තාක්ෂණයන් වෙනුවෙන් විශාල ලෙස මුදල් වෙන් කෙරෙන සමාජයක කෘෂිකර්මාන්තයට දක්වන අඩු සැළකිල්ල නිසා අද වන විට ආහාර අර්බුධයක් නිර්මාණය වෙමින් පවතී.

  ගොවියාට අඩු මුදලට පොහොර දුන්නත් අපට අඩු මුදලට ආහාර ලැබෙන්නේ නැත්තේ ඇයි? තවමත් කැලි කසල ප්රශ්නයට සාර්ථක විසඳුමක් නැත්තේ ඇයි? අනුරාධපුර වැනි පෙදෙස් වල පැතිර යන වකුගඩු රෝගයට හේතුව කුමක්ද? ඇත්තටම තරුණ අපි මේ වගේ දේවල් ගැන හිතන්නෙවත් නැති තරම්. 

 අපේ හැකියාවන්, නිර්මාණශීලී අදහස් හා තාක්ෂණය පරිඝණකයකට හෝ වෙනයම් දේකට සීමා නොකොට ඉතා සරල එහෙත් අත්යාහවශය කරුනු සම්බන්ධයෙන්ද යොමු කිරීමට කාලය පැමිණ ඇත.