Sunday, June 2, 2013

සිංහලෙන් පාඩම් කියලා දෙන්න ඔබත් එනවාද?

http://www.openculture.com/2012/12/introducing_ka_lite_an_offline_version_of_the_khan_academy_that_runs_on_almost_anything.html


ඛාන් ඇකඩමිය එහෙමත් නැත්නම් ඛාන් ශාස්ත්‍රාලය ලංකාවේ අපට එතරම් හුරුපුරුදු නමක් නොවුනට අද වෙනකොට ලෝකයේ බොහොමත්ම ජනප්‍රිය නොමිලේ අධ්‍යාපනය සපයන වෙබ් අඩවියක්. පහුගිය දවස් වල මේ පිළිබදව බොහොම වැදගත් ලිපියක් පළවුනා අරුණි ශපිරෝගේ බ්ලොග් අඩවියේ.



බොහොම සරලව ආරම්භ කරපු ඛාන් ඇකඩමිය අද ලෝකයේ බොහෝ රටවල දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කරගන්න භාවිතා කරන්නේ එහි තියන සරල එහෙත් ප්‍රයෝජනවත් බව නිසයි. මේ ප්‍රයෝජනවත් බව නිසාම ඛාන් ඇකඩමියේ ඇති පාඩම් මාලාවන් විවිධ භාෂාවන් වෙත පරිවර්තනය කෙරෙමින් පවතිනවා. පරිවර්තනය කියන්නේ හඩ කැවීම හා උපසිරස යෙදීමයි.

තවමත් ලංකාවේ අන්තර්ජාලය භාවිතා වන්නේ චිත්‍රපට නැරඹීමට, ෆේස්බුක් යෑමට හා ප්‍රවෘත්ති බැලීමට වැනි කාරණාවලට පමණක් නිසාදෝ ඛාන් ඇකඩමියේ පාඩම් සිංහලට පරිවර්තනය කරන්නට වැඩි අවදානයක් යොමු වී නැහැ. අපට පුළුවන්නම් මෙම පාඩම් පරිවර්තනය කරන්න එහෙමත් නැත්නම් අපටම කියා පාඩම් මාලාවක් නිර්මාණය කරන්න අපේම රටේ නංගිලා මල්ලිලාට සෑහෙන්න ප්‍රයෝජනයක් වේවි. අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ගත්විට අපේ රටේ සම්පත් බෙදීයාමේ ලොකු ගැටලුවක් තියනවා. දුෂ්කර ප්‍රදේශ වල සිසුන්ට කොතරම් භෞතික සම්පත් ලබා දුන්නත් ඒ ප්‍රදේශවල ඇත් ගුරුහිගයට විසදුම් දෙනතාක් කල් ඒ ප්‍රදේශවල සිසුන්ට කවදාවත් නිදහස් අධ්‍යාපනයේ නියම ඵල ප්‍රයෝජන අත්විදින්ට ලැබෙන්නේ නැහැ. අද වෙනකොට අන්තර්ජාලය හෙමින් හෙමින් සමාජය පුරා පැතිරී යන යුගයක ඒ හරහා අපේම රටේ අපේම සහෝදර සහෝදරියන් කොටසකට යම් උදව්වක් කරන්න පුළුවන් නම් ඒක වචනයෙන් කියලා නිම කරන්න බැරි සේවයක්. අපිට මේ වැඩේ හරියට කරන්න පුළුවන්නම් අද ඒ ළමයින්ට පොත් පත් දෙන දානපතීන් හෙට ඒ ළමයින්ට ලැප්ටොප් වුනත් දේවි. අපට කරන්න තියෙන්නේ ඛාන් මහතා කලා වගේ ලාබ ප්‍රයෝජන නොතකා මේ වැඩේ පටන් ගන්න පමණයි.

එහෙම හිතපු මම ඇත්තටම පාඩම් කිහිපයක්ම සිංහලට පරිවර්තනය කලා. මෙන්න මෙතනින් ඒවා බලන්න පුළුවන්.

මම නම් මේ වැඩේට අත ගැහුවේ විනෝදාංශයක් විදිහට. ඛාන් ඇකඩමියේ ලංකාවේ නියෝජිතයා විදිහට කටයුතු කරන්නේ තඹරු විජේසේකර. අද වෙනකොට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය අපේ ව්‍යාපෘතිය වෙත යොමු වෙලා තියනවා. නමුත් අපට ඇත්තටම ඕනේ කරන්නේ හොද පිරිස් බලයක්. මේ සද්කාර්යයට දායක වෙන්න කැමති අයට පුළුවන් මෙන්න මේ  ලින්කුව හරහා ගිහින් මේ සදහා දායක වෙන්න. හැමදාම අදුරට සාප නොකර මේ රටට යම් එළියක් දක්වන්න අපි දරණ සරල උත්සායක් මේ.

වැඩි විස්තර සදහා